...බප/කැල/පමුණුවිල මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ලෝක ළමා දින සැමරුම

කලාප වොලිබෝල් තරගය

WhatsAppImage2023-12-08at190409_38476140.jpeg
WhatsAppImage2023-12-08at190409_38476140.jpeg

පමුණුවිල මහා විද්‍යාලය 

 

          ජනගනය ක්‍රමයෙන් වැඩි වී  මිනිස්  අවශ්‍යතා සංකීර්ණ  වන විට ඇතා මළ පිටිය ප්‍රදේශයට පාසලක අවශ්‍යතාවය  දැඩිසේ දැනේනට විය .මේ නිසා 1870 දී එවකට  දළුගම දේවස්ථානයේ මිසම පලනාධිපතිට සිටි ගරු ජේ .බී .සම්පයෝ පියතුමාගේ මුලිකත්වයෙන් ආරම්භ  විය.මෙම පාසලේ ඉඩම පරිත්‍යාගය කළේ ජේ .මාරියද සේරම් මහත්මියයි .1894 ඔක්තෝම්බර්  01 දින පොල් අතු ගෙයක් වූ  මෙය පමුණුවිල ශාන්ත ජෝසප් රෝමානු කතෝලික මිශ්‍ර  පාසලක් වේ .මෙහි පළමු ආචරවරිය වූ එඩේරමුල්ලේ දොන් ඉසබෙලා  මහත්මිය කටයුතු කර ඇත .තවද හංවැල්ලේ  දොන් ලුවිස සුරවීර මහත්මිය ,මොරටුවේ  කේ .එස්.සිල්වා මහත්මයා ,කැලණියේ එම් .පාවුළු පෙරේරා මහතාත් මුල් වසර වූ 1894 සිට 1906 දක්වා විදුහල්පති ධුරයද දර ඇත ,එතැන් සිට වසර 40 ක් ඇලෙක්සැන්ඩර් මහතා දර ඇත .
 මෙම කාලය තුලදී  දළුගම මිසම පලනධිපති වූ රි .ජුලියන් පියතුමා ද ,පි.එච් .ඩි .ඕ .එම්.අයි පියතුමාද පාසල දියුණුවට කටයුතු කර ඇත .ගොඩනැගිලි හා ආචාර්ය මණ්ඩලය දියුණුවටද කටයුතු කර ඇත .1924 වන විට ගොඩනැගිලි අවශ්‍යතාව වැඩි විය .තෝමස් පියතුමන් පැරණි ගොඩනැගිල්ලක් විශාල කරවීමටත් ගොඩනැගිල්ලකට කාමරයක් තනාශිෂ්‍ය ගුරු පන්තියක් ආරම්භ කර ඇත .පාසලේ ගොවිතැන් ආරම්භ කර විය . 1940 වන විට ගුරුවරු 6ක් හා ළමුන් 214 ක් සිට ඇත .මෙම පාසැල අවට හේනක් සකස් කර අල,බතල,කෙසෙල් ,අන්නාසි,වග කර ඇත .1940 දී ප්‍රථම  වරට එවකට විදුහල්පතිට සිටි ඩබ් .ඩි .ඇලෙක්සැන්ඩර් මහතා අස්වැන්න නෙළා ඇත . මෙම කාලයේ සංගීතය,ජාතික කෙළි සෙල්ලම් හා විනෝද චාරිකා පිළිබද සිසුන්ගේ අවධානය යොමු විය .1944 සිට 1946 කාලයේ දී විශාල දියුණුවකට ලක් විය .ඉඩ කඩ මදි වූ නිසා තාවකාලින මඩුවක් තනා  ගත්හ.මේ කාලයේ සිසුන් භාර නොගත්හ. 1946 අගෝස්තු 23 දින ඇලෙක්සැන්ඩර් මයා විශ්‍රාම ගියෙය. 1946 සැප්තැම්බර් මස 1 වන දින පාසල් විදුහල්පති  වශයෙන් ජේ.එම් .ස්වරියල් මහතා පත් විය .මේ වන විට ආචාර්යවරු හත් දෙනයි .මෙම කාලයේ සිට කාලසටහන නිර්මාණය විය.මේ කාලයේ වොලිබෝල් ,නෙට්බෝල් ක්‍රීඩා පුහුණු කිරීම පටන් ගැනුණි .1948දී ශාරීරික අභ්‍යාස තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්හ .1950 පසු රතු ,කහ ,කොළ යන නම් වලින් නිවස  ආරම්භ කර ඇත .නමුත් බාහිර බලපෑම් මත ඒවා අහෝසි විය .1954දී නැවත ශාන්ති ,සරත් ,සිසිර නම් නිවාස ආරම්භ කර ඇත.1956 දී ගුරු සිසු සහභාගිත්වයෙන් අධ්‍යාපන චාරිකා ගණනාවක් කර ඇත .1955 වනවිට අභ්‍යාස විද්‍යාලයේ ප්‍රවේශ පන්තියක්ද අවසාන ගුරු විභාගයට පන්තියක්ද ගුරුවරුන්  සදහා ඉංගිසි පන්තියක්ද චිත්‍ර කලා පන්තියක්ද පස්වරුවේ පවත්වන ලදී .1947 ඇති වූ ගංවතුර නිසා පාසලේ ගොඩනැගිලි විනාශ වී ඇත .එමනිසා පියතුමන් හා ගම්වාසීන් එකතු වී උළු සෙවිලි කල ස්ථිර ගොඩනැගිල්ලක් සද දුන්හ.1950දී එස්.එස්.සි.විභාගයට හා දෙනෙකු සහභාගී වී ඇත .මෙතැන් සිට  1960 දක්වා දිනෙන් දින දියුණුවට පත් විය .1960 වන විට පාසලේ අවුල් විය .1961.01.05 දින ගුරුවරු 15 පැමිණ ඇත.ළමුන් පැමිණ නැත . මෙයට හේතුව වනුයේ පාසැල රජයට පවරා නොගන්න ලෙස මවුවරු ඉල්ලීමයි .1961.01.30 වනදින ගුරුවරු 11 ක් හා ළමුන් 215 ක් පැමිණ නැවත පාසැල ආරම්භ කරන ලදී .1961 .03.01 සිට විද්‍යුත් පණිවිඩ මගින් ගුරුවරු මාරු කරන ලදී .1962.05.21 දින උදේ 9.00ට පාඨශාලාව රජයට පවර ගැනීම සිදු කර ඇත .මෙයට හේතුව වනුයේ නව අධ්‍යාපන ඇමතිගේ ගැසට් නිවේදනයයි . 1968.08.03 දින  නැවත වතාවක් හේනේ ගොයම් කැපීම කර ඇත .1968.09.16 දින සිට විදුහල් ලාංජනය සකස් කර ඇති අතර එහි ආදර්ශ පාඨය වුයේ "ඉදිරියටම යවූ "යන්නයි .1969 දී 10 වසර දක්වා පන්ති පවත්වා ඇත .1970දීඑම් .එම්.පෙරේරා මහතාගේ මුලිකත්වයෙන්  හෙන ගොඩ කර එය ක්‍රීඩා පිටියක් තැනීමට කටයුතු කර ඇත .මෙතැන් සිට පාසලේ ක්‍රීඩා කටයුතු ,අධ්‍යාපන ,විෂය සමගාමී ක්‍රියා ,චාරිකා ආදිය ක්‍රමයෙන් වැඩි විය .1984දී බල දක්ෂිකවක්ට පදක්කම් පළඳන ලදී .එම වසරේ දෙසැම්බර් මස තව ඉඩමක් පවර ගන්න ලදී.1985 වන විට සිසුන් 975 ක් හා ගුරුවරුන් 41 ක් සිට තිබේ .එමෙන්ම ලි බඩු හා ගොඩනැගිලි පහසුකම් වැඩි විය .1990දී නව ඉඩමේ දෙමහල් ගොඩනැගිල්ලකට මුල් ගල තබා ඇත .මෙම කාලයේ දී රජයේ නව චක්‍ර ලේඛනය අනුව දක්ෂ ගුරුවරු රැසක් විශ්‍රාම යැවුහ.එයින් පාසලට විශාල පාඩුවක් විය.පාසලේ සවසේ අධ්‍යාපනය අඩාල නොවීමට හේතුවක් වුයේ 1990දී පැමිණි නව ගුරුවරු නිසාය . 1994 වන විට පුරා සියවසක කාලයක ඉතිහාසයකට හිමිකම් තියන පමුණුවිල විදුහල් මාතාව තුලින් සමාජයට වැඩදායි පිරිසක් බිහිවී ඇති බව මෙයින් මම සදහන් කරන්නේ ඉමහත් ප්‍රීතියෙන් වෙමි .