අප පාසලේ මැයි මාසයේ දී තිබූ වෙසක් මංගල්‍ය මුල්කොටගෙන අප පාසැල තුල විවිධ පිංකම් පැවතුනි. වෙසක් පොහොය ලැබීමට පෙර සතිය තුළ වෙසක් කූඩු සෑදීමට අපට අවශ්‍යතාවයක් තිබුණු හෙයින් අප පාසලේ ගරු ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුව අප වෙසක් කූඩු සැදීම ආරම්භ කරන ලදී. මේ කාලය තුළදී ප්‍රාථමික අංශයේ කුඩා දූ දැරියන් පවා මේ සදහා සහභාගී වී ඇත.කූඩු සැදීම සදහා දෙමුපියන්ද උදවු ලබා දුන්හ.වෙසක් පොහොය ලං වෙනවත් සමග පාසල දවසින් දවස වෙසක් කූඩුවලින් අලංකාරවත් විය.ළමයින්ගේ විවිධ දක්ෂතා අනුව ඉතා ලස්සන වෙසක් කූඩු සාද ගෙන එන ලදී.
පුවත් හා විශේෂ අවස්ථා





